Thursday, October 18, 2012

අළු ගසා නැගිටින්න



මගේ සිත පිරීඇති ඇගේ ඒ මතකයන්
මැකී යන්නටත් පෙර ඇය නැවත පැමිණියා
එහෙත් මා දැක ඇත්තේ මිරිගුවක් යැයි කියා
ටික කලක් ගතවෙත්ම කෙමෙන් මට වැටහුනා

කෙසේදැයි විමසන්න මා ඇයව ඇමතුවත්
ඇය තවත් කෙනෙකුහට ඇගේ හද තිලිණකර
සදාකල් මා මෙලෙස මිරුගුවේ තනි කරා
මගේ හද ක්‍ෂණිකයෙන් අළු කළා

අළු ගසා නැගිටින්න මගේ ශක්තිය යොදලා
වේදනාවන් වලින් පන්නරය ලබාගෙන
නොබෝ දිනකින් මමද සාර්ථක කෙනෙකු ලෙස
සදා ජයගනිමි මම ඇගේ සිතුවිලි සමග



No comments:

Post a Comment